යන දවස කිට්ටුයි
මට හිතෙයි
යන්නට හිත නොදෙයි
හුණුවටය මැද ඉඳන්
වමට .. දකුණට...
වැනිලා .. වැනිලා ..
මට මහන්සියි
බොන්න මොකුත් නැද්ද?
නෝනාට ලියු කවි
කවි තියා සිංහලවත් හරි හැටි නොදන්නා මගෙ අහිංසක තැත, මහා කිවියෙක් වන්නට, මගේ නෝනාට ... :)
Monday, 15 October 2018
Monday, 3 September 2018
Wednesday, 21 February 2018
Uninvited
එදා මෙන් නොව ඔබ හදට මා
අනාරාධිතය අද දවස
මගේ දෑඟිලි තනිවෙලා
මේ යතුරු පුවරුව උඩ
නින්ද එනු මැන
විඩාබර ජීවිතය
නිවන්නට
Tuesday, 10 October 2017
පිළිතුරු
Q: අද කීයටද ඇඳට එන්නේ?
A: වැඩ ඉවර වුන හෝ නිදිමත උහුලා ගන්න අමාරු වුන වෙලාවට
Q: වැඩ ඉවර වෙන්නේ කීයටද?
A: වැඩ ඉවර වෙන වෙලාවට
Q: තව ගොඩාක් වැඩ තියනවද?
A: හ්ම්ම්ම්
Q: ඔයා Netflix බලනවා නේද?
A: හ්ම්ම්ම්
Q: Netflix නවත්තලා වැඩ කළොත් ඉක්මනට ඉවර කරන්න පුළුවන් නේද?
A: ඒක නැවැත්තුවොත් නිදිමත එනවා.. වැඩ පැත්තක තියලා නිදා ගත්තැහැකි
Tuesday, 13 June 2017
වෙන්වීම
ම්ං මගෙන් වෙන්වුණු දවස
බලං හිටියා මම
මා දිහෑ
මගෙන් හැංගී
බලං හිටියා මම
මා දිහෑ
මගෙන් හැංගී
අරන් යනු මා
පාවෙලා යන ජීවිතේ
පයට පොඩිවුන
මල් කැකුළ
විකසිත වුණු අතීතය
ඔබේ අතින්
ලියවුණ කවියක
උණුහුම් රැඳුන
සිතිවිල්ලක් වැළඳ
ඒ පහස විඳින්නට
මතු බවේ එනතුරා
තත්පරෙන් තත්පරය
ගනිමි මා
ජීවිතය..
සුනංගුයි ඔබ
අරන් යනු මා එතැනට
හනිකට
පයට පොඩිවුන
මල් කැකුළ
විකසිත වුණු අතීතය
ඔබේ අතින්
ලියවුණ කවියක
උණුහුම් රැඳුන
සිතිවිල්ලක් වැළඳ
ඒ පහස විඳින්නට
මතු බවේ එනතුරා
තත්පරෙන් තත්පරය
ගනිමි මා
ජීවිතය..
සුනංගුයි ඔබ
අරන් යනු මා එතැනට
හනිකට
Wednesday, 31 May 2017
Subscribe to:
Comments (Atom)

