Saturday, 29 June 2013

සොරකම්


සොරා ගත්තා වුවද
සොඳුරිය
නුඹේ සිත
පෙර දිනෙක මම
ඊට කප් ගණනකට පෙර
සොරා ගත්තේ ඔබයි
මගේ සිත
...
...
ඉදින්
සොරා ගනු
තව කුමට
අයිති නැති පද වැලක්
මගේ සිත
අයිති ඔබ
මගෙම සිත තුලට වැද
කවියක්ම් වී සදා
හදවතට ගයන විට ...

හඬ නිහඬ


ඔබේ නිහඬ් බව ඇතුලින්
වදන් දහක් මට ඇසුනා
කවියක් වී මහද පතුල
පැළවු ඒ වදන් වලින්
බිහිවු ආදර ලිය වැල
ඵල දැරුවා ...
මෙ කව ලෙසින් ...

Friday, 28 June 2013

සසර ගමන



දෙවි කෙනෙකු
වෙනු කුමට
මිනිසෙක්ම වී
හැමදාම නුඹ ලඟින්
ඉඳින්නට ඇත්නම් ...

බුදු කෙනෙකු
වෙනු කුමට
සන්සාර දුර කතර
අත්වැල් බැඳන්
නුඹ සමඟ සදාකල්
සරන්නට ඇත්නම් ...

Thursday, 20 June 2013

Abstraction

රැයක සුවඳ
ඔබේ කෙස් රොදක් තුළ සිඹිමි ...
මලක පහස
ඔබේ දෑඟිලි මත විඳිමි ...
හදක සෙනෙහස
ඔබේ දෑස තුල දකිමි ...
දිවියක සුවය
ඔබේ ආලය තුළ ලබමි ...