නෝනාට ලියු කවි
කවි තියා සිංහලවත් හරි හැටි නොදන්නා මගෙ අහිංසක තැත, මහා කිවියෙක් වන්නට, මගේ නෝනාට ... :)
Tuesday, 25 April 2017
හුයෙන් මිදුනු සරුංගලේ
හුයෙන් මිදුනු
සරුංගලයක්
වුණා මම
මොහොතකට
අරමුණක් නැති
පවන් රැල්ලකට
සරණ කොට
කාලය ...
මතක් වෙනවා
අතීතය ...
කොතරම් සුන්දරද ...
අනන්තය වෙත දුවපු
ආදරය...
හැංගි හොරා
මල් කැකුළක් හැංගි හොරා
ආ දා සිට නුඹ තුරුළට
මොර සූරන වැහි වැටුනත්
හෙන පිට හෙන හඬ තැළුවත්
මගේ හිතේ පහන් සිළුව
සැළෙන්නේ නෑ එක මොහොතක්
එ මල් කැකුළ හෙට දිනයේ
පිපී නටන අරුම බලා
හිනැහෙන්නට වරම් දෙන්න
මගේ විඩා දෙනෙත් වලට
Wednesday, 19 April 2017
යැදුම
මගේ දෙවොළ කඩන්නෙපා
ඔය පුදසුන මට වටිනවා
දහස් වරක් පෙරුම් පුරා
මගෙ හදවත පූජා කළ
පහන් සිළුව නිවන්නෙපා
සංසාරේ අරුත නොදැන
අඳුරේ තනිවී හැංගුන
ජීවිතයට එළිය ගෙනා
Wanted
ලොකු ඩයිනමයිට් කරළක් ඕනෑකර තිබේ
ඉරිතැළුණු හිතක්
නැවත එසේ නොවෙන්නට
සුන්නද්ධූලි කරන්න
හමුවීම
ඔවි, ඒ මම තමයි කලින් ගියේ
...මම හිතනිනේ
...හරියටම කියන්න අමාරුයි
ම්ම්ම් ... හැඩරුව නේද?
ටිකක් මං වගේ?
නෑ?
වෙන්න ඇති
මට කාලෙකින් මුණ ගැහුනේ නැහැ
ඒ හින්දා ඉතින් ෂුවර් නැහැ
අනේ බෑ (ස්තුතියි!) මට පරක්කු වෙනවා
ඔව්, දුවන්න ඕනෑ
මා පස්සේ
මුහුද
මුහුද
උඹේ ගැඹුරේ කැකෑරෙන
වේදනාව, ආවේගය
ප්රසූත කළ
රළ ගෙඩි පෙළ
වෙරළ තුරුළේ
සැනසෙන හැටි
.
.
.
මට හරි ඊරිසියයි
Tuesday, 18 April 2017
පිපාසය
සඳ සිහින වළා මැද
මගෙන් ඇස් හංගලා
තරු එළිය ඉතුරු කර
මගේ තනි රකින්නට
කොහේදෝ රැහැයියෙක්
කාටදෝ කියන කවි
මතක රැළි මත
පා කළා මගේ හිත
නෙතු පියන් නිම් අතර
පිරුණු ඒ ආදරය
ඇඟිළි තුඩු සිප නැවත
වෙත ගියා අනන්තය
ආයේ ඒ උණුහුමට
ළං වෙන්නේ කවදාද?
මගේ ළය පිපාසය
සංහිඳෙන දා ළඟඳ?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)