Monday, 15 October 2018

සමුගැන්ම

යන දවස කිට්ටුයි
මට හිතෙයි
යන්නට හිත නොදෙයි
හුණුවටය මැද ඉඳන්
වමට .. දකුණට...
වැනිලා .. වැනිලා ..
මට මහන්සියි
බොන්න මොකුත් නැද්ද?

Wednesday, 21 February 2018

Uninvited



එදා මෙන් නොව ඔබ හදට මා
අනාරාධිතය අද දවස
මගේ දෑඟිලි තනිවෙලා
මේ යතුරු පුවරුව උඩ
නින්ද එනු මැන
විඩාබර ජීවිතය
නිවන්නට