හිතේ ගින්දර නිවෙන් නෑ
දැනෙන සීතල ඉවර නෑ
දවස තිස්සේ
අකුරු කොටමින්
පැතුම් පූදින
හෙට දවස ගැන
හීන දකිමින්
ගෙවේ කාලය
ඔබෙ නෙතුතර
සැඟව ආයේත්
අදර වදනින්
මගෙ හදවත
කිතිකවන මතු
දිනක් කවදා
දකිනු හැකි වෙද?
එදින එනතුරු
හිතේ ගින්දර
දරනු හැකිවෙද?
එගින්නෙන් මා
දැවී යාවි ද?
කවි තියා සිංහලවත් හරි හැටි නොදන්නා මගෙ අහිංසක තැත, මහා කිවියෙක් වන්නට, මගේ නෝනාට ... :)
Wednesday, 31 May 2017
Tuesday, 30 May 2017
එදින
අඳුර ඔබ තුරුළට
එන්නම් මම
කඩතොළුවූ මොහොතක
සීතලේ ගුලිවී
විඩා බර දෙනෙත් තුළ
සිහිනයක් හොයාගෙන
කිසිදිනක නිම නොවන
හිතට එන
නිසළ බව
කොයිතරම්
අපූරුද?
එන්නම් මම
කඩතොළුවූ මොහොතක
සීතලේ ගුලිවී
විඩා බර දෙනෙත් තුළ
සිහිනයක් හොයාගෙන
කිසිදිනක නිම නොවන
හිතට එන
නිසළ බව
කොයිතරම්
අපූරුද?
Tuesday, 25 April 2017
හුයෙන් මිදුනු සරුංගලේ
හුයෙන් මිදුනු
සරුංගලයක්
වුණා මම
මොහොතකට
අරමුණක් නැති
පවන් රැල්ලකට
සරණ කොට
කාලය ...
මතක් වෙනවා
අතීතය ...
කොතරම් සුන්දරද ...
අනන්තය වෙත දුවපු
ආදරය...
සරුංගලයක්
වුණා මම
මොහොතකට
අරමුණක් නැති
පවන් රැල්ලකට
සරණ කොට
කාලය ...
මතක් වෙනවා
අතීතය ...
කොතරම් සුන්දරද ...
අනන්තය වෙත දුවපු
ආදරය...
හැංගි හොරා
මල් කැකුළක් හැංගි හොරා
ආ දා සිට නුඹ තුරුළට
මොර සූරන වැහි වැටුනත්
හෙන පිට හෙන හඬ තැළුවත්
මගේ හිතේ පහන් සිළුව
සැළෙන්නේ නෑ එක මොහොතක්
එ මල් කැකුළ හෙට දිනයේ
පිපී නටන අරුම බලා
හිනැහෙන්නට වරම් දෙන්න
මගේ විඩා දෙනෙත් වලට
ආ දා සිට නුඹ තුරුළට
මොර සූරන වැහි වැටුනත්
හෙන පිට හෙන හඬ තැළුවත්
මගේ හිතේ පහන් සිළුව
සැළෙන්නේ නෑ එක මොහොතක්
එ මල් කැකුළ හෙට දිනයේ
පිපී නටන අරුම බලා
හිනැහෙන්නට වරම් දෙන්න
මගේ විඩා දෙනෙත් වලට
Wednesday, 19 April 2017
යැදුම
මගේ දෙවොළ කඩන්නෙපා
ඔය පුදසුන මට වටිනවා
දහස් වරක් පෙරුම් පුරා
මගෙ හදවත පූජා කළ
පහන් සිළුව නිවන්නෙපා
සංසාරේ අරුත නොදැන
අඳුරේ තනිවී හැංගුන
ජීවිතයට එළිය ගෙනා
ඔය පුදසුන මට වටිනවා
දහස් වරක් පෙරුම් පුරා
මගෙ හදවත පූජා කළ
පහන් සිළුව නිවන්නෙපා
සංසාරේ අරුත නොදැන
අඳුරේ තනිවී හැංගුන
ජීවිතයට එළිය ගෙනා
Wanted
ලොකු ඩයිනමයිට් කරළක් ඕනෑකර තිබේ
ඉරිතැළුණු හිතක්
නැවත එසේ නොවෙන්නට
සුන්නද්ධූලි කරන්න
ඉරිතැළුණු හිතක්
නැවත එසේ නොවෙන්නට
සුන්නද්ධූලි කරන්න
හමුවීම
ඔවි, ඒ මම තමයි කලින් ගියේ
...මම හිතනිනේ
...හරියටම කියන්න අමාරුයි
ම්ම්ම් ... හැඩරුව නේද?
ටිකක් මං වගේ?
නෑ?
වෙන්න ඇති
මට කාලෙකින් මුණ ගැහුනේ නැහැ
ඒ හින්දා ඉතින් ෂුවර් නැහැ
අනේ බෑ (ස්තුතියි!) මට පරක්කු වෙනවා
ඔව්, දුවන්න ඕනෑ
මා පස්සේ
...මම හිතනිනේ
...හරියටම කියන්න අමාරුයි
ම්ම්ම් ... හැඩරුව නේද?
ටිකක් මං වගේ?
නෑ?
වෙන්න ඇති
මට කාලෙකින් මුණ ගැහුනේ නැහැ
ඒ හින්දා ඉතින් ෂුවර් නැහැ
අනේ බෑ (ස්තුතියි!) මට පරක්කු වෙනවා
ඔව්, දුවන්න ඕනෑ
මා පස්සේ
Subscribe to:
Posts (Atom)