Tuesday, 10 October 2017

පිළිතුරු

Q: අද කීයටද ඇඳට එන්නේ?
A: වැඩ ඉවර වුන හෝ නිදිමත උහුලා ගන්න අමාරු වුන වෙලාවට

Q: වැඩ ඉවර වෙන්නේ කීයටද?
A: වැඩ ඉවර වෙන වෙලාවට

Q: තව ගොඩාක් වැඩ තියනවද?
A: හ්ම්ම්ම්

Q: ඔයා Netflix බලනවා නේද?
A: හ්ම්ම්ම්

Q: Netflix නවත්තලා වැඩ කළොත් ඉක්මනට ඉවර කරන්න පුළුවන් නේද?

A: ඒක නැවැත්තුවොත් නිදිමත එනවා.. වැඩ පැත්තක තියලා නිදා ගත්තැහැකි

Tuesday, 13 June 2017

වෙන්වීම

ම්ං මගෙන් වෙන්වුණු දවස
බලං හිටියා මම
මා දිහෑ
මගෙන් හැංගී


අරන් යනු මා

පාවෙලා යන ජීවිතේ
පයට පොඩිවුන
මල් කැකුළ
විකසිත වුණු අතීතය
ඔබේ අතින්
ලියවුණ කවියක
උණුහුම් රැඳුන
සිතිවිල්ලක් වැළඳ
ඒ පහස විඳින්නට
මතු බවේ එනතුරා
තත්පරෙන් තත්පරය
ගනිමි මා

ජීවිතය..
සුනංගුයි ඔබ
අරන් යනු මා එතැනට
හනිකට







Wednesday, 31 May 2017

සාපය

කාලය ...

මම ඔබට සාප කරමි..

සදා කල්

හෙට

හිතේ ගින්දර නිවෙන් නෑ
දැනෙන සීතල ඉවර නෑ
දවස තිස්සේ
අකුරු කොටමින්
පැතුම් පූදින
හෙට දවස ගැන
හීන දකිමින්
ගෙවේ කාලය

ඔබෙ නෙතුතර
සැඟව ආයේත්
අදර වදනින්
මගෙ හදවත
කිතිකවන මතු
දිනක් කවදා
දකිනු හැකි වෙද?

එදින එනතුරු
හිතේ ගින්දර
දරනු හැකිවෙද?
එගින්නෙන් මා
දැවී යාවි ද?

Tuesday, 30 May 2017

එදින

අඳුර ඔබ තුරුළට
එන්නම් මම
කඩතොළුවූ මොහොතක
සීතලේ ගුලිවී
විඩා බර දෙනෙත් තුළ
සිහිනයක් හොයාගෙන
කිසිදිනක නිම නොවන
හිතට එන
නිසළ බව
කොයිතරම්
අපූරුද?

Tuesday, 25 April 2017

හුයෙන් මිදුනු සරුංගලේ

හුයෙන් මිදුනු
සරුංගලයක්
වුණා මම
මොහොතකට
අරමුණක් නැති
පවන් රැල්ලකට
සරණ කොට
කාලය ...
මතක් වෙනවා
අතීතය ...
කොතරම් සුන්දරද ...
අනන්තය වෙත දුවපු
ආදරය...