හිත නොදෙයි හෙලවෙන්න
බත් මේසෙ ගාව මම
ඉඳ ගත්ත හෙවනැල්ල
බිත්තියේ නිසොල්වම
බලා ගත්තු අත
බලා ගෙන ඉන්නවා
කල්ප සුවහසක්වූ
මොහොතකට පෙරාතුව
ඔබේ නෙත් අග්නියට
හසුවුනා මගේ හිත
කුණාටුව හමනවා
හද පතුළ විසුණු කර
තව තවත් ගැඹුරටම
අනන්තය හොයාගෙන
ගොස් ඉනුත් ඔබ්බටම
එය නොදත් නිසොල්මන
අහනවා කාලයෙන්
කොහෙද නුඹ හදිසියේ
මා මෙතන
තනි කළේ