Friday, 26 August 2016

කුණාටුව

හිත නොදෙයි හෙලවෙන්න
බත් මේසෙ ගාව මම
ඉඳ ගත්ත හෙවනැල්ල
බිත්තියේ නිසොල්වම
බලා ගත්තු අත
බලා ගෙන ඉන්නවා

කල්ප සුවහසක්වූ
මොහොතකට පෙරාතුව
ඔබේ නෙත් අග්නියට
හසුවුනා මගේ හිත

කුණාටුව හමනවා
හද පතුළ විසුණු කර
තව තවත් ගැඹුරටම
අනන්තය හොයාගෙන
ගොස් ඉනුත් ඔබ්බටම

එය නොදත් නිසොල්මන
අහනවා කාලයෙන්
කොහෙද නුඹ හදිසියේ
මා මෙතන
තනි කළේ


No comments:

Post a Comment