Q: ඔයා මට ආදරෙයිද?
A: ඔව් (Yes / true / Si / Oui / Ja / Hai / Aamaam / Haji / ...)
Q: ඔයා මට කොච්චර ආදරෙයිද?
A: ගොඩාරියක් (→∞)
Q: ඔයා මාව කවදා හරි දාලා යනවාද?
A: මැරුණහම, ඔව්. ඊට කලින් නම්, නැහැ.
Q: මේ blog එකට අද වෙනකොට page visit 382ක් තියෙනවා.. මම එච්චර කරේ නැහැනේ?
A: ඇමරිකාවේ web bot කෙනෙක් හින්දයි ඒ (probably)
Q: මට ආයේ මනමාලියෙක් වෙන්න පුළුවන්ද? / අපි ආයෙත් බඳිමුද?
A: පුළුවන් / හා / බඳිමු
කවි තියා සිංහලවත් හරි හැටි නොදන්නා මගෙ අහිංසක තැත, මහා කිවියෙක් වන්නට, මගේ නෝනාට ... :)
Tuesday, 13 May 2014
Friday, 11 April 2014
තිබහ
තිබහයි මට ......
සරාගී සුසුමකින් තෙත්වූ
ඔබේ බැල්මක
රස විඳින්න
සිහින් කෙඳිරිල්ලකින් මත්වූ
ඔබේ සියොළඟ
සුව විඳින්න
සරාගී සුසුමකින් තෙත්වූ
ඔබේ බැල්මක
රස විඳින්න
සිහින් කෙඳිරිල්ලකින් මත්වූ
ඔබේ සියොළඟ
සුව විඳින්න
Tuesday, 8 April 2014
තනිව ආ මග
තනිව ආ මග
දුරයි වෙනදාට වඩා
ඔබ නැති උදෑසන
දුම්රියේ බොල් හඬ
පඩිපෙළේ තාලය
පාළුවෙන් පිරීලා
මග දෙපස නිසොළ්මන්
තුරු ලතා මගේ දෙස
බලා සිටියා දුකින්
අසන මෙන්
ඔබ කොහේදැයි කියා...
දුරයි වෙනදාට වඩා
ඔබ නැති උදෑසන
දුම්රියේ බොල් හඬ
පඩිපෙළේ තාලය
පාළුවෙන් පිරීලා
මග දෙපස නිසොළ්මන්
තුරු ලතා මගේ දෙස
බලා සිටියා දුකින්
අසන මෙන්
ඔබ කොහේදැයි කියා...
Friday, 4 April 2014
Ericsson A1018s
කැමරා, ගේම් හැඩ වැඩ නැති
පේළි තුනෙ display එක
දැල්වෙන තුරු බලා ඉඳලා
රෑ තිස්සෙ පෙරුම් පුරලා
ගෙදර අයට හොර රහසේ
කොට්ටය යට හැංගීගෙන
මිනිත්තුවක වටිනාකම
තුනෙන් තුනට ගනන් කරලා
හරි ගානට cut කරලා
බෙදා ගත්තු ආදරය
ලයිස්තුව
දන්නෙම නැතුව
Facebook
Youtube
ෂාරුක් කාන්
muffin
උදේ tea එක
Youtube
ෂාරුක් කාන්
muffin
උදේ tea එක
අභිබවා
ප්රමුඛතා ලයිස්තුවේ
...
...
...
...
...
...
...
...
...
...
වැටිලා මම
වැටිලා මම
පහළටම
Tuesday, 1 April 2014
උදෑසන
ලඟයි බහින්න අතින් අල්ලන්න
මෙතනින් එන්න පරිස්සම් වෙන්න
පඩිපෙළ නැගලා උඩටම යන්න
ට්රෑමක් එනවා ඈතින් අන්න
දෙපැත්ත බලලා පාර පනින්න
කම්මැළි නම් අතනින් ඉඳ ගන්න
ට්රෑමත් ආවා දැන් නැගිටින්න
ඉඩකඩ බලලා සැනින් නැග ගන්න
ටික්කො පනියි ටිකට් එක ගන්න
මතක් කරලා touch on කරන්න
ඕනෙම නම් ආයෙත් ඉඳ ගන්න
Stop එක බලලා ඉතින් බැහැ ගන්න
පඩිපෙළ ළඟ මොහොතක් නවතින්න
හාදුව දීලා මදෙස බලන්න
දවල්ට පුළුවන් වෙයි හමුවෙන්න
දවස සුබයි ඔබ ඇතුළට යන්න
මෙතනින් එන්න පරිස්සම් වෙන්න
පඩිපෙළ නැගලා උඩටම යන්න
ට්රෑමක් එනවා ඈතින් අන්න
දෙපැත්ත බලලා පාර පනින්න
කම්මැළි නම් අතනින් ඉඳ ගන්න
ට්රෑමත් ආවා දැන් නැගිටින්න
ඉඩකඩ බලලා සැනින් නැග ගන්න
ටික්කො පනියි ටිකට් එක ගන්න
මතක් කරලා touch on කරන්න
ඕනෙම නම් ආයෙත් ඉඳ ගන්න
Stop එක බලලා ඉතින් බැහැ ගන්න
පඩිපෙළ ළඟ මොහොතක් නවතින්න
හාදුව දීලා මදෙස බලන්න
දවල්ට පුළුවන් වෙයි හමුවෙන්න
දවස සුබයි ඔබ ඇතුළට යන්න
Saturday, 29 March 2014
Subscribe to:
Comments (Atom)