වැඩට යන ගෙදර එන
මග දිගට ගී වැළක්
මුමුනමින් නටන්නේ
හැමදාම ඇයිද මම?
තැන නොතැන නොබලාම
අන් කිසිත් නොතකනා
උමතුවූවෙකු ලෙසින්?
.... අහන්නේ කිමද ඔබ?
ඔබ ළඟින් මා හිඳින
විටදි මට හැඟෙන්නේ
දෙනෝදාහක් අතර
අපි යනෙන වීදි වල
සුවහසක් නෙත්වලින්
හැංගිච්ච ලෝකයක
අප දෙදෙන තනිවෙලා
ඇති සෙයක් විතරමයි
ඒ ලොවේ තනි වෙලා
සිතින් සිත නතු වෙලා
ඔබ දෑස තුළින් මා
දකින විට ආදරය
ගීතයක් ගයන්නට
මාවතේ නටන්නට
මටම නොදැනිව මාව
පොළඹවයි මගෙ සිත
No comments:
Post a Comment