Friday, 26 August 2016

තනිය



නි



.
.
.

.
.

.

කුණාටුව

හිත නොදෙයි හෙලවෙන්න
බත් මේසෙ ගාව මම
ඉඳ ගත්ත හෙවනැල්ල
බිත්තියේ නිසොල්වම
බලා ගත්තු අත
බලා ගෙන ඉන්නවා

කල්ප සුවහසක්වූ
මොහොතකට පෙරාතුව
ඔබේ නෙත් අග්නියට
හසුවුනා මගේ හිත

කුණාටුව හමනවා
හද පතුළ විසුණු කර
තව තවත් ගැඹුරටම
අනන්තය හොයාගෙන
ගොස් ඉනුත් ඔබ්බටම

එය නොදත් නිසොල්මන
අහනවා කාලයෙන්
කොහෙද නුඹ හදිසියේ
මා මෙතන
තනි කළේ


Thursday, 29 January 2015

පොත්ගුල

Town Hall එකෙන් බැහැලා
අපි එනක්ල් අපේ හීන
බලන් ඉන්න
උයන් වීදි
පහු කර ගෙන
පිය මැනලා
පොත්ගුල වෙත
ඇස් රැහැනෙන්
සැරෙන් සැරේ
ගැට ගසමින්
මගෙ හදවත
නැවත නැවත
සොරකම් කළ
ඔය සිත ලඟ
දැවටි දැවටි
ඉන්න ගමන්
අහඹු ලෙසින්
පාඩම් කළ
එදා දවස
ගැන මතකය
Melbourne city
පුස්තකාලෙ
ලී මේසය
ලඟ තනිවුන
මගෙ හිතට
...
...
...
(හිටියා නම්,
ඔබත් මෙතන
යන්න තිබුනා
Park එකට ! ;)
)
...
...
...
(බැඳලා තමයි ..
ඉතින් මොකද? :)
)

Tuesday, 13 May 2014

FAQs

Q: ඔයා මට ආදරෙයිද?
A: ඔව් (Yes / true / Si / Oui / Ja / Hai / Aamaam / Haji / ...)

Q: ඔයා මට කොච්චර ආදරෙයිද?
A: ගොඩාරියක් (→∞)

Q: ඔයා මාව කවදා හරි දාලා යනවාද?
A: මැරුණහම, ඔව්. ඊට කලින් නම්, නැහැ.

Q: මේ blog එකට අද වෙනකොට page visit 382ක් තියෙනවා.. මම එච්චර කරේ නැහැනේ?
A: ඇමරිකාවේ web bot කෙනෙක් හින්දයි ඒ (probably)

Q: මට ආයේ මනමාලියෙක් වෙන්න පුළුවන්ද? / අපි ආයෙත් බඳිමුද?
A: පුළුවන් / හා / බඳිමු

Friday, 11 April 2014

තිබහ

තිබහයි මට ......
සරාගී සුසුමකින් තෙත්වූ
ඔබේ බැල්මක
රස විඳින්න
සිහින් කෙඳිරිල්ලකින් මත්වූ
ඔබේ සියොළඟ
සුව විඳින්න

Tuesday, 8 April 2014

තනිව ආ මග

තනිව ආ මග
දුරයි වෙනදාට වඩා
ඔබ නැති උදෑසන
දුම්රියේ බොල් හඬ
පඩිපෙළේ තාලය
පාළුවෙන් පිරීලා
මග දෙපස නිසොළ්මන්
තුරු ලතා මගේ දෙස
බලා සිටියා දුකින්
අසන මෙන්
ඔබ කොහේදැයි කියා...

Friday, 4 April 2014

Ericsson A1018s

කැමරා, ගේම් හැඩ වැඩ නැති
පේළි තුනෙ display එක
දැල්වෙන තුරු බලා ඉඳලා 
රෑ තිස්සෙ පෙරුම් පුරලා
ගෙදර අයට හොර රහසේ
කොට්ටය යට හැංගීගෙන
මිනිත්තුවක වටිනාකම
තුනෙන් තුනට ගනන් කරලා
හරි ගානට cut කරලා
බෙදා ගත්තු ආදරය