Tuesday, 16 July 2013

ආපසු ගමන

තව ටිකකින්
බහිනවා පාරට
ගෙවී ගිය
සපත්තු අඩිය
මාත් පාරත් අතර
ටික් ටොක් ටික් ටොක්
ඔරලෝසුවක් වගෙ
හයියෙන් දුවන
අඩියෙන් අඩිය මැනලා
යනවා රේල්ලුවට
යන්න ...
ගෙදර නෙමේ
තනිකමකට ...
පස්සෙ එන්නම්
ගෙදර යන්න
සොඳුරියේ
ඔබත් එක්ක ..

No comments:

Post a Comment