Saturday, 29 March 2014

බලිය

බලිය

මගේ
නුඹ ...

නුඹේ
මම ...

Friday, 28 March 2014

ගම්පහ

අද උදේ
වැහි අඳුර ...
සීතල ...
පෙඟුන ගහ කොළ ...
තෙත පොළව ..
හිත ගෙනියනවා
ඈතට ...

මතකද?
කළුවගේ කේසිරිගෙ
class cut කරලා අපි
හොර පාරේ
ගම්පහ රේල්ලුවේ
පාලමින් එගොඩවී
එක කුඩේ තුරුළු වී
මල් වත්තෙ
තෙත පොළවෙ
පෙඟුන ගහ කොළ අතර
සීතල වැහි අඳුර
වින්ද හැටි?

වළාකුළු වලින් පැන
මඳ සුළඟෙ පාවෙලා
අතු පතර දැවටිලා
මහපොළව සිඹගන්න
යන ගමන අතරමග
නිමේෂෙක නතරවී
කුඩ රෙද්ද උඩට වී
වැහි බිංදු නටපු හැටි?


Wednesday, 26 March 2014

මාවතේ අපි

වැඩට යන ගෙදර එන
මග දිගට ගී වැළක්
මුමුනමින් නටන්නේ
හැමදාම ඇයිද මම?
තැන නොතැන නොබලාම
අන් කිසිත් නොතකනා
උමතුවූවෙකු ලෙසින්?
.... අහන්නේ කිමද ඔබ?

ඔබ ළඟින් මා හිඳින
විටදි මට හැඟෙන්නේ
දෙනෝදාහක් අතර
අපි යනෙන වීදි වල
සුවහසක් නෙත්වලින්
හැංගිච්ච ලෝකයක
අප දෙදෙන තනිවෙලා
ඇති සෙයක් විතරමයි

ඒ ලොවේ තනි වෙලා
සිතින් සිත නතු වෙලා
ඔබ දෑස තුළින් මා
දකින විට ආදරය
ගීතයක් ගයන්නට
මාවතේ නටන්නට
මටම නොදැනිව මාව
පොළඹවයි මගෙ සිත

Tuesday, 25 March 2014

ගට

සීතල මාවතට
බහින්නට දිරිදෙන්නෙ
කාලයත් එක්ක මේ
කෙටි දවස පොර බදන
නිමේෂෙක හැංගිලා
ඔබ එක්ක හැන්දෑවෙ
කොහේ හරි තනි වෙලා
අතින් අත වෙලීලා
බෙදාගනු හැකි නිසා
හිත පිරුණ ආදරය ...

කොපිය

* සමාවෙන්න කොපි කළාට
* අද දවසේ මේ ගීතය
* මගේ හිතේ Stuck වෙලා
* http://www.youtube.com/watch?v=_UxpWIiS2Fo


හීන් සැරේ
ඔබ ආවා .. ආවා ..

තරුවෙන් තරුවට
පැන පැන හෙමිහිට
මලකින් මලකට
පියඹා කදිමට

මා දඟකාරිය .. නාරිලතාවිය ..
කාන්සියේ බොඳ අඳුර මකා හැර
හීන් සැරේ
ඔබ ආවා .. ආවා ..


Tuesday, 16 July 2013

ආපසු ගමන

තව ටිකකින්
බහිනවා පාරට
ගෙවී ගිය
සපත්තු අඩිය
මාත් පාරත් අතර
ටික් ටොක් ටික් ටොක්
ඔරලෝසුවක් වගෙ
හයියෙන් දුවන
අඩියෙන් අඩිය මැනලා
යනවා රේල්ලුවට
යන්න ...
ගෙදර නෙමේ
තනිකමකට ...
පස්සෙ එන්නම්
ගෙදර යන්න
සොඳුරියේ
ඔබත් එක්ක ..

After work


අඳුර ගලා එයි
බිල්ඩින් අස්සෙන්
සීතල මාවත
හිත හිරි වට්ටයි
ඔබ හමුවන ඒ
මොහොත තවම නැත
එතෙක් අඳුර
සීතල ඉවසන්නෙමි